Xiaomi 13 series launching event එක කල් දමයි.


දෙසැම්බර් පලමු වෙනිදා එලිදැක්වීමට නියමිතව තිබූ Xiaomi සමාගමේ latest flagship lineup එක සහ MIUI 14 launching event එක දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වී ඇති බව එම සමාගම විසින් weibo සමාජ ජාලය හරහා නිවේදනයක් නිකුත් කර ඇත.


එමෙන්ම ඉදිරි දිනයකදී Xiaomi ආයතනය විසින් මෙම launching event එක එළිදැක්වීමට නියමිත දිනය පිළිබඳව වාර්තා කිරීමට කටයුතු කරන බවට වැඩිදුරටත් සඳහන් කර ඇත. 


මීට අමතරව Qualcomn සමාගමේ Snapdragon 8 Gen 2 chipset එක මඟින් බලගැන්වෙන පළමු smart phone devices වලින් එකක් ලෙස Xiaomi 13 series එක අපේක්ෂා කලහැකි අතර මෙම launch එක චීන වෙළඳපොළ ඉලක්ක කරගනිමින් මුලින්ම ලබාදීමට කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී ඇත.


චීන ජනපති Jiang Zemin මහතාගේ හදිසි අභාවය මෙම launching event එක කල්දැමීමට හේතුව විය හැකි බවට විදෙස් මාධ්‍ය අනුමාන කරන අතර මේ මස අවසානයට පෙර හෝ ලබන වසරේ ආරම්භයත් සමඟ මෙය පැවැත්වීමට කටයුතු කරනු ඇතැයි විදෙස් මාධ්‍යයන් ඉඟි පළ කරයි.


SOURCES - TECH NEWS LK

Comments

Popular posts from this blog

නවතම iOS 16 මගින් iphone status bar එකට බැටරි ප්‍රතිශතය එක් කෙරේ.

Telegram app එකට එන අලුත්ම සුපිරි update එක ගැන.

Google play store logo එක වෙනස් වෙයිද?