ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ මිනිස්සු ඉන්න අමුතු පෝලිම්.


ඔගොලො දන්නවනෙ දැන් ලංකාවෙ තියන ආර්තික අර්බුදය නිසා මිනිස්සුන්ට තෙල් ගෑස් ගන්න දිගු පෝලිම් වල ඉන්න උනා කියල.දැන් නම් ඒ ප්‍රශ්නෙ පොඩ්ඩක් විතර අඩුවෙලා තියෙන්නෙ.හැබැයි මන් අද ගෙනාවෙ අපේ කට්ටිය තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ අය ඉන්න අමුතු පෝලිම් ගැන.

Huawei Mate 50 පෝලිම්.

මේ නවතම Huawei mate 50 දුරකතන මාදිලිය මුලින්ම සැප්තැම්බර් 21 දින එලි දැක් වූ අතර.මෙය පිලිබද පාරිභෝගිකයින් අතර ඇති ඇල්ම ඔවුන්ට එදිනම විදීමට හැකිවිය.ඒ චීනයේ ඇති සියලුම Huawei වෙලදසැල් Mate 50 මිලදී ගැනීමට පැමිනි දහස් ගනන් මිනුසුන්ගෙන් පිරීයාමත් සමගය.ඒත් සමගම Huawei සමාගමෙ Huawei Mate 50 නිශ්පාදනය කිරීමද ඉහල නැංවීමට ක්‍රියා කලේය.මෙම නව Mate 50 දුරකතන ගැනීමට ආ පරිශීලකයන්ගෙන් වැඩි පිරිසක් Mate 40 & P50 වැනි පැරනි දුරකතන බාවිත කරන්නන් ය.


Huawei හි ප්‍රධාන විදායක නිලදාරී Yu Chengdong මහතා දිගු පෝලිම් සහිත Huawei වෙලදසැල් ඉදිරිපිට චායාරූප බෙදාගනිමින් තම ස්තූතිය පහත වචන වලින් බෙදාගත්තේය.


"ඊයේ, Huawei Mate 50 මාලාව නිල වශයෙන් අලෙවි වූ අතර, උද්යෝගිමත් පාරිභෝගිකයින් විශාල පිරිසක් යන්ත්‍ර මිලදී ගැනීමට රට පුරා Huawei වෙළඳසැල් වෙත ගියහ. Mate 50 කතා මාලාව සඳහා ඔබගේ ආදරය සහ සහයෝගයට බොහෝම ස්තූතියි! වැඩි පාරිභෝගිකයින්ට බලවත් Mate 50 ශ්‍රේණියේ ජංගම දුරකථන භාවිතා කළ හැකි වන පරිදි නිෂ්පාදන සැපයුම සහතික කිරීම සඳහා අපි නිෂ්පාදනය වේගවත් කරන්නෙමු.

iPhone 14 පෝලිම්

ඉහත චායාරූපයෙන් ඔබට පෙනෙන්නේ චීනයේ බීජිං නුවර ඇති Apple වෙලද සැලකි.මෙය ඉදිරිපිට මේ මිනිසුන් පෝලිම් ගැසී සිටින්න්නේ නවතන iPhone 14 දුරකතය මිලදී ගැනීමටය.මෙය චීනය තුල නිකුත් කිරීම ආරම්බ වූයේ සැප්තැම්බර් 16ය.


පවතින අදික ඉල්ලුම හේතුවෙන් Pre Order කරන වෙබ් අඩවි පවා අක්‍රිය වීමකට ලක්ව ඇතිබව වාර්තා වෙනවා.

ලංකාවත් මේවගේ දේවල් පෝලිමේ ගිහින් ගන්න තත්වෙට දියුනු වුනානම්.


SOURCES - HC NEWSROOM, GONUSSA

Comments

  1. එහෙම දියුණු වෙන්නෙ නැ සහෝදරයා මේක🙂💜

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

iOS 16 හි සැගවුණු විශේෂාංග ගැන ඔබ නොදත් තොරතුරු.

Dialog data ආයි සල්ලිවලට හරවමු