iOS 16 නිකුත් කොට දවස් සීයයි සීයට 70 බාගතකිරීම්.

 


ios 16 release කළේ 2022 පසුගිය සැප්තැම්බර් 12 වන දිනයි.එය release කර දින 100 ක් ඇතුළත එම version එක 70% ක පිරිසක් විසින් install කර ඇත.මීට පෙර අවසාන වශයෙන් පැමිණි ios 15 install කර ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් ios 16 යාවත්කාලීන කර තිබේ.

Mixpanel හි ඇති වාර්තා අනුව ios 16 උපාංග 68.90% ක් යාවත්කාලීන කර ඇති අතර ios 15 උපාංග 24.82% ක් ද තවත් 7% ක් ද තවමත පරන version භාවිතා කරයි.

Ios පසු ගිය දිනෙක ජනයා අතරට ආ පසුව පරිශීලකයන් විසින් එය අත්හදා බැලීම් වලට ලක් කෙරිණ.සමහර පරිශීලකයන් අත් විඳි ගැටලු නිසා තවත් පරිශීලකයන් මෙම නව උපාංගය අත්හදා බැලීමට වැඩි කැමැත්තක් නොදක්වන බවකුත් දක්නට ලැබෙමින් පවතිනවා.

මේ කෙසේ වෙතත් apple music sing,new lock screen widgets,advanced data protection වැනි දේ සඳහා නව විකල්ප හා තවත් අලුත් දෑ සමඟින් iphone භාවිතා කරන්නන් වෙත නව අත්දැකීමක් ලබා දෙන බව apple සමාගම පවසා තිබෙනවා.ඔවුන් තව දුරටත් පැවසුවේ ios 16.2 නව මුහුණුවරකින් නව අත්දැකීම් රැසකින් මෙම මස ඇතුළත නිකුත් කිරීමට නියමිත බවයි.


SOURCES - MACRUMORS

Comments

Popular posts from this blog

නවතම iOS 16 මගින් iphone status bar එකට බැටරි ප්‍රතිශතය එක් කෙරේ.

Telegram app එකට එන අලුත්ම සුපිරි update එක ගැන.

Google play store logo එක වෙනස් වෙයිද?