Apple music වෙත sing ලෙස නව පහසුකමක් හදුන්වා දෙයි.



නූතනයේ දී ලොව පුරා මිලියන ගණනක් පරිශීලනය කරන apple music සේවාවට apple music sing නමින් නව karaoke විශේෂාංගයක් හඳුන්වාදීමට apple සමාගම කටයුතු කර තිබෙනවා.


මේ ගැන 2022.12.06 වන අඟහරුවාදා දින නිළ apple newsroom වෙබ් අඩවිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් apple සමාගම විසින් පවසා තිබුනා.ඒ අනුව මේ නව විශේෂාංගයෙන් apple music හි දැනට ඇති real-time lyrics පහසුකම මඟින් music වල ඇති vocals වල volume ලෙස පාලනයට option එකක් ලබා දී ඇති අතර මේ හරහා ඔබේ හඬ ඔබේ ගායනයේ දී ඔබට ම වඩාත් පැහැදිලිව හා නිරවුල් ව ඇසීමට හැකියාවක් තිබෙනවා.


එසේ ම apple music sing පහසුකම මඟින් lyrics කිහිපයක් එක වර දැක ගැනීමේ හැකියාව ලබා දී ඇත.


මේ නව විශේෂාංගය මේ මස අවසානයේ දී ලබා දීමට නියමිත බව apple සමාගම විසින් වැඩිදුරටත් පවසා තිබෙනවා.කෙසේ නමුත් මේ නව විශේෂාංගය apple music පරිශීලකයන්ට නවත ම අත්දැකීමක් වන බව අපට හැඟී යනවා.


SOURCES - MACRUMORS

Comments

Popular posts from this blog

නවතම iOS 16 මගින් iphone status bar එකට බැටරි ප්‍රතිශතය එක් කෙරේ.

Telegram app එකට එන අලුත්ම සුපිරි update එක ගැන.

Google play store logo එක වෙනස් වෙයිද?