Apple music, apple tv වැනි Apple සේවාවන් රැසක් windows වෙතට ලබා දෙයි.


 අද කියන්න යන්නෙ Windows Apple යන දෙකම ගැන.Microsoft සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ ලබන වසරේ සිට Windows පරිශීලකයින්ට Apple music හා Apple tv ලබාගත හැකි බවයි.එමෙන්ම තවද මේ වසරේ අගදී Windows 11 උපාංගවල චායාරූප යෙදුමට icloud ඒකාබද්ද කිරීමටද පැමිනෙන බව සමාගම ප්‍රකාශ කලේය.


Apple music හා Apple tv වඩාත් හොද ඇත්දැකීමක් windows පරිශීලකයන්ට දෙනු ඇත.Microsoft සමාගම පැවසුවේ මෙම යෙදුම් දෙකේම පෙරදසුන් මේ වසර අවසානයේ දී microsoft store වෙත පැමිනෙනු ඇති බවයි.

iCloud photo

Apple Music දැන් Xbox series X, Xbox seres S, Xbox One මතද දියත් කර ඇත.එමගින් පරිශීලකයින්ට ක්‍රීඩාකරන අතරතුරම සගීතයකට සවන්දීමටද හැකියාව ඇත.පසුගිය වසරේ Apple Music Playstation 5 මතද දියත් කලේය.

Apple music - Xbox 

iCloud photo ඒකාබද්ද කිරීම iPhone පරිශීලකයින්ට Windows 11 Photo app ඔස්සේ ඔවුන්ගේ සියලුම චායාරූප වෙත ප්‍රවේශවීමට ඉඩ සලසයි.iCloud ඒකබද්ද කිරීම Windows Insiders හරහා අද සිට පරීක්ෂා කිරීමට ලබාගත හැකි අතර නොවැම්බර් මාසයේ සිට සියලුම Windows 11 පරිශීලකයින් සදහා මෙය ලැබෙන බවත්ය.


SOURCES - MACRUMORS

Comments

Popular posts from this blog

නවතම iOS 16 මගින් iphone status bar එකට බැටරි ප්‍රතිශතය එක් කෙරේ.

Telegram app එකට එන අලුත්ම සුපිරි update එක ගැන.

Google play store logo එක වෙනස් වෙයිද?