Telegram app එකට එන අලුත්ම සුපිරි update එක ගැන.

 


මේ වනවිට telegram යෙදුමෙහි නව යාවත්කාලිනය නිකුත් කර ඇති අතර මේ සමග සාමාන්‍ය හා ගෙවුම් පරිශීලකයින් හට නව පහසුකම් රැසක් එක් කර ඇත.අපි දැන් බලමු මොනවද මේ නව පහසුකම් කියා.

★අසීමිත reactain


මීට පෙර telegram යාවත්කාලීනයෙන් telegram premium පරිශීලකයින්ට ලැබී තිබූ නව reactain emoji දැන් සාමාන්‍ය පරිශීලකයින් වෙතද ලැබී ඇත.reactain පුවරුවද දැන් යාවත්කාලින කර ඇත.

එමෙන්ම වාරික පරිශීලකයින්ට අසීමිත reactain ලැබී ඇත.එක පනිවිඩයකට reactain 3ක් දැමීමටද වාරික පරිශීලකයින්ට දැන් හැකියාව ඇත.

★Emoji status


දැන් වාරික පරිශීලකයින්ට තම නමට එහයින් නව Animation emoji status එක් කිරීමේ හැකියාවද ලබාදී ඇත.ඔබ මේ අවස්තාවේ කරන්නේ කුමක් ද යන්න පහසුවෙන් අන් අයට දැනගැනීමට ද මෙය උපකාරී වෙයි.telegram premium පරිශීලකයින්ට අනන්‍ය ලාංඡනය තිබෙන ස්තානයට මෙය එක් කරයි.

★නව පරිශීලක නාම සබැදි


ඔබ දන්නා කරුනක් තාමා මීට පෙර telegram හි සැබැදි පැවතියේ t.me.username ලෙසය.එහෙත් මෙය අනෙකුත් Whatsapp වැනි අනෙකුත් යෙදුම් තුල සහය නොදක්වනයි. එහෙත් මේ නව යාවත්කාලිනය සමග එන සබැදි අකෘතිය වෙනත් යෙදුම් වලටද සහය දක්වයි. (username.t.me.)

★Android goodies


දැන් Android හි මාද්‍ය විවුර්ත කිරීමේදී, වසා දැමීමේදී හා edit කිරීමේදී නව smooth animation එකක් ඇත.

එමෙන්ම ඔබේ දුරකතනය Android 13 හො ඊට වැඩි version ඇති අයට dark theme යොදා ඇතිවිට telegram icon එකද එයට ගැනපෙන ලෙස ස්වයන්ක්‍රීයව වෙනස් වනු ඇත.

Comments

Popular posts from this blog

නවතම iOS 16 මගින් iphone status bar එකට බැටරි ප්‍රතිශතය එක් කෙරේ.

Google play store logo එක වෙනස් වෙයිද?