අපේ ක්‍රිකට් ක්‍රීඩකයො set එකට සුබපතන්න whishing portal එකක්
ඔන්න මන් අද ගෙනාවෙ අද රෑ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිඩා පිටියෙ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන අවසන් තරගය ගැනයි.
ඕගොල්ලො දැනටමත් දන්නවනෙ Asia Cup final එකේ අපිත් එක්ක ඉන්න ප්‍රතිවාදියා කවුද කියල.අපි හැමෝමගෙම පැතුම Asia Cup එක ලංකාවට ගේන එකනෙ දැන් අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහක ලෙස Dialog Axiata සමාගම දැන් ඔන්න ලෝකෙ පුරාඉන්න ශ්‍රි ලංකා ක්‍රිකට් ලෝලීන්ට අපේ සිංහ පැටවු සෙට් එකට සුබ පතන්න Wishing Portal එකක් හදල තියෙන්නෙ ඕගොල්ලොත් ඒකෙන් ගිහින් අපේ team එකට මේ සැරේ Asia Cup එක ලංකාවට ගේන්න wish කරමු.ඒ විතරක් නෙවෙයි මේ wish කරන අයගෙන් 1000 කට Cricket shirts ලබා දෙන්නත් ලැස්ති කරලලු තියෙන්නෙ.
මේක කරන්නෙ මෙහෙමයි මෙතන ලින්ක් එකෙන් හරි පහත QR code එක scan කරල හරි ඕගොල්ලොන්ට ඒ වෙබ් එකට යන්න පුලුවන්.
![]() |
| Scan QR code |
පොඩි ඉතිහාසය මතක් කිරීමක්
මීටකලින් අපි අවසාන වතාවට Asia Cup එකල් දිනල තියෙන්නෙ 2014දී ඒකෙ දි ප්‍රතිවාදියා වූයෙත් පකිස්තානයමයි.


Good
ReplyDeleteපවර්ප්ලේ එකේදී අපි ගන්න හොද ආරම්භය කොහොමද ඉදිරියට අරගෙන යන්නේ කියලා දැන් අපි දන්නවා. අද දනුෂ්ක ගුණතිලක වෙනුවට චරිත් අසලංක ක්‍රීඩා කරොත් හොදයි කියලා හිතනවා. හේතුව අපි මේ ලෑස්ති වෙන්නේ ආසියානු කුසලානයට විතරක් නෙමෙයි ඉදිරි ලෝක කුසලානයට. ඉතිං ගුණතිලක කියන්නේ 2016 ඉදලම ඔය විදිහේ පිතිකරුවෙක්. කන්සිස්ටන් එකක් තියාගෙන ගියේ නැති පිතිකරුවෙක්. නමුත් අසලංක කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. එයා දැන් ඉන්නේ තාවකාලික පසුබෑමක. ඉතිං ඕනි වෙලාවක අසලංකට සාර්ථක වෙන්න පුළුවන්. අසලංක සාර්ථක වුනා කියන්නේ ඊට පස්සේ එයා දන්නවා කොහොමද එයාගේ ගේම් එක ඉස්සරහට අරගෙන යන්නේ සහ ස්ථාවරත්වයක් තියාගෙන දිගටම දක්ෂතා දක්වන්නේ කියලා. ඒක නිසා අද අසලංක ක්‍රීඩා කරන්න ඕනි දවසක් කියලා හිතනවා.
ReplyDeleteපකිස්තානය කියන්නේ හොදම වේග පන්දු යවන්නන් ඉන්න රටක්. අද අපේ අයට පැ.කි.මි 140ට වැඩි බවුන්සර් පන්දු වලට සහ අනෙකුත් පන්දු වලට මුහුණ දෙන්න වෙනවා. අද අනිවාර්යයෙන්ම එයාලගේ නසීම් ෂා ක්‍රීඩා කරයි. ඉතිං අපේ දනංජය , කුසල් මෙන්ඩිස් , පැතුම් එහෙම දන්නවා කොහොමද නසීම් පන්දු යවන්නේ කොහොමද ක්‍රීඩා කරන්න ඕනි කියලා. ඒක නිසා අද පකිස්තාන වේග පන්දුවෙන් පරිස්සම් වෙන්න වෙනවා. විශේෂයෙන්ම අපේ පවර්ප්ලේ එක හුගාක් වැදගත් වෙන්නේ මැද පන්දුවාර වලදි එයාලගේ ශඩාබ් ඛාන් අද ක්‍රීඩා කරනවා. එතකොට අපේ අසලංක , භානුක වගේ අයට හොද අවස්ථාවක් තියෙනවා ශඩාබ්ට ඇටෑක් කරන්න.
කාසිය වාසිය ජයග්‍රහණය කරන එක මේ තරගයේ අපිට ධනාත්මක දෙයක්. ඒ කොහොම වුනත් වනිදු , මහීෂ් , කුසල් , නිස්සංක , භානුක සහ දසුන් කියන ක්‍රීඩකයින් හය දෙනාගේ දායකත්වය මත මෙවර ආසියානු කුසලානයේ ශ්‍රි ලංකා බලාපොරොත්තුව ඉටු වෙන නොවෙන එක බොහෝ දුරට තීරණය වේවි කියලා හිතනවා.
ඉතිං මේක අපේ ක්‍රිකට් වල ස්වර්ණමය යුගයක්,
අද නැවතත් රටක්ම එකට ඔවුන්ගේ ජයග්‍රහණය බලාගෙන ඉන්නවා. අපේ කොල්ලන්ට අද තරගයේදී මේ යලි හිස එස වූ සිංහසෙයියාව කුසලානයකින්ම සමරන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
😻❤️
ReplyDelete