Whatsapp group වලට එහා ගිය whatsapp එකට එන අලුත්ම පහසුකම
WhatsApp සිය නවතම බීටා සංස්කරණයෙන් WhatsApp version එක 2.22.19.3 දක්වා ඉහල නංවා තිබෙනවා.
ඉතින් මේ Update එකේ මොනවද අලුතෙන් අඩංගු වෙන්නේ...? ඔන්න WhatsApp විසින් ප්‍රථම වරට සිය beta testers කිහිප දෙනෙක්ට WhatsApp Community එකක් සෑදීමේ හැකියාව ලබා දීලා තියෙනවා!
WhatsApp Community එකක් කියන්නෙ WhatsApp තුල තියෙන ඔයාට අදාළ වෙන්න පුලුවන් groups හොයාගන්න පුලුවන් සුවිශේෂී තැනක්. ඒ වගේම ඒ groups වලට join වෙන්න community invite link එකක් මගින් හෝ community admin කෙනෙක් ඔයාව manually add කිරීමක් මගින් පුලුවන්. (කොහොම උනත් මේ feature එක ඔයාගෙ account එකට enable කරගන්න ඕනි. එහෙම කරගත්තෙ නැත්නම් ඔයාට හැම group එකක් එක්කම interact කරන්න බැරිවෙනව.)
මීට කලිනුත් මේක ගැන ඉඟියක් WhatsApp Desktop හරහා ලැබිලා තිබුණා. ඒ වැඩිදියුණු කරමින් තිබුණු Communities tab එකක pic එකකින්...
උඩ පින්තූරෙන් පේන විදිහට ඔයාට තේරෙනව ඔයා beta version එක use කරන කෙනෙක් නම් ඔයාත් මේක අත්හදා බලන්න තරම් වාසනාවන්ත වෙලාද කියල හොයාගන්න විදිහ.
WhatsApp එකේ උඩින් තියෙන කැමරා ටැබ් එක වෙනුවට දැන් ඇවිල්ලා තියන communities tab එක පෙන්නනවද බලන්න.ඒක එහෙම පෙන්නනවනම් ඔයාට පුලුවන් අලුතෙන් වට්ස්ඇප් Community එකක් හදන්න. ( මේක කරන්න කලින් WhatsApp එක අප්ඩේට් කරලා ඇප් එක kill කරලා ආපහු මුල ඉදන් පටන් ගන්නවා නම් ගොඩක් හොඳයි.) ඔන්න දැන් පුළුවන් group දහයක් වෙනකන් එකතු කරල 'sub group' එකක් හදන්න. මේ sub group එකකට participants ලා 512 ක් දක්වා add කරන්න පුළුවන්.participants ල ට ඔවුන්ගේ පුද්ගලික මනාපයන් මත පදනම්ව සම්බන්ධ විය යුතු sub group තෝරා ගත හැකි අතර ඔවුන්ට community එක හැර යාමකින් තොරව sub group හැර යා හැක. admin ල ට තවදුරටත් භාවිතා කිරීමට අවශ්‍ය නැතිනම් community එක අක්‍රිය කළ හැකි අතර අනෙකුත් සාමාජිකයින්ට Community එක ඔවුන්ගේ terms and conditions කඩ කරන්නේ නම් WhatsApp වෙත report කළ හැකිය.
Community එකක් නිර්මාණය කිරීමෙන් පසු, නව group එකක් ස්වයංක්‍රීයව WhatsApp මගින් නිර්මාණය වේ: ඒකට කියන්නේ announcement group එක කියලා. මෙන්න මේ announcement ගෲප් එක හින්දා ඇඩ්මින්ලා ට පුළුවන් එකපාර ඔක්කොම sub group වල ඉන්න participants ලට පේන විදිහට announcements යවන්න.මේ මොහොත වෙද්දි sub group වල වෙන්වෙන් වශයෙන් ඉන්න අයගේ ෆෝන් නම්බර්ස් සමස්ත Community එකටම පෙනෙන එක වලක්වා ගන්න WhatsApp විසින් කටයුතු කරමින් පවතිනවා. අවාසනාවකට මේක තවමත් වැඩිදියුණු කරන අංගයක් නිසා අප්ඩේට් එකට එන්න තව ටික කාලයක් යයි. කොහොම වුණත් තවමත් මේක නිකුත් වන දිනය ගැන හරියටම තොරතුරක් නැහැ.
තාමත් මේක හැමෝටම ලබාදීලා නැති හින්දා ඉදිරි සති කිහිපයේදී අපිට ගොඩාක් සක්‍රීය කිරීම් බලාගන්න පුළුවන් වෙයි. ගැන ඔබව දැනුවත් කරන්න අපි සූදානම්.
SOURCES - WABetaInfo



Comments
Post a Comment