Trojan Horse Virus එක පිළිබඳ සවිස්තරාත්මකව දැනගමු.
පරිගණක සමඟ ගනුදෙනු කරන ඔබට ට්‍රෝජන් හෝර්ස් යන වචනය පිළිබඳව අමුතුවෙන් සඳහන් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. පරිගණකයට ඇතුල් වන විවිධ ආකාරයේ වයිරස අතරින් Trojan Horse වලට හිමි වන්නේ වැදගත් ස්ථානයක්. අහිංසක application එකක් ස්වරූපයෙන් පරිගණකයට රිංගා ගන්නා මේවායින් අවසානයේ සිදුවන්නේ පරිගණකයේ ඇති බොහෝ වැදගත් තොරතුරු බොහොමයක් විනාශයට පත් වීමයි.
මෙවන් ආකාරයේ වයිරස පැතිරී යන ආකාරය කිහිපයක් තිබෙනවා.
🔥.email මගින්
🔥.අන්තර්ජාලය ඔස්සේ සිදුකරන විවිධ ගනුදෙනු මගින්
🔥.පරිගණක ක්‍රීඩා , මුදුකාංග
🔥.video clips
🔥.image හා විවිධ
මෘදුකාංග ඩවුන්ලෝඩ් කර ගැනීමේදී මේවා පරිගණකයට පහසුවෙන් ඇතුළු වනවා.
නමුත් මේවා පිළිබඳව කිසිදු හෝඩුවාවක් එක්වරම අපිට ලැබෙන්නේ නැහැ වෛරස පරිගණකයට ඇතුල් වී දින කිහිපයකින් පසුව පරිගණකය සාමාන්‍ය ක්‍රියාකාරිත්වය වෙනස් වීමට පටන් ගන්නා අතර පරිගණකයට කුමන හෝ වෛරසයක් ඇතුලු වී ඇති බව අවබෝධ වන්නේ එවිටයි.
👾Trojan Horse වෛරසය ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි.
Trojan Horse වෛරසය ක්‍රියාකාරීත්වය පැහැදිලිව සඳහන් කළ නොහැක්කේ එම වෛරසය පරිගණකයට ඇතුළු වූ පසුව එහි ක්‍රියාකාරීත්වය එකම ආකාරයකින් යුක්ත නොවන බැවිනි. බොහෝ අවස්ථාවල දී අන්තර්ජාලයෙන් ලබාගන්නා විවිධ දැන්වීම් ආකාරයෙන් මේවා ඔබගේ පරිගණකයට ඇතුල් වෙනවා.
විශේෂයෙන් වෙබ් අඩවි වල ඇති ඇතැම් වෙළඳ දැන්වීම් නැරඹීමට යාම මෙම වෛරසය පරිගණක ඇතුළුවන එක් ආකාරයක් ලෙස සඳහන් කළ හැකිය. google AdSense වැනි විස්වාසවන්ත ආයතන හැර පල වන දැන්වීම් සහ link වල මෙම ගැටලුව නැහැ. ඊට අමතරව තවත් ප්‍රසිද්ද ads සමාගම් වලින් වලින් ලැබෙන ads තුල මෙවන් අහිතකර දේවල් නැති බව විස්වාස කල හැකියි.
පරිගණකය තුළ තැන්පත් වන මේවා මගින් සිදුවන්නේ පරිගණකයේ ඇති රහස් වචන, මුල්‍යමය තොරතුරු හා දත්ත ආදිය වෛරසය නිර්මාණය කළ පුද්ගලයා වෙත අන්තර්ජාලය ඔස්සේ ලබා දීමයි. එපමණක් නොව පරිගණකයේ උපාංග විනාශකරමින් hard disk එකේ ඇති වැදගත් දත්ත මකා දැමීමට තරම් හැකියාවක් මේවාට තියෙනවා.
ඇතැම් Trojan Horse ක්‍රියාත්මක වන්නේ Keylogger ආකාරයටයි. එනම් යතුරු පුවරුව මගින් පරිගනකයට ඇතුළත් කරන සියලුම තොරතුරු පිළිබඳව අවදානයෙන් සිටින මේවා එම තොරතුරු වෛරසයේ නිර්මානකරුවා වෙත ලබා දීම සිදු වෙනවා. ක්‍රෙඩිට් කාඩ් අංක, නම්, ලිපින, ඡායාරූප වගේ පෞද්ගලික තොරතුරු පරිගණකයේ තැන්පත් කරගෙන සිටින සැමගේ අවධානය මෙම කරුණ දෙස අනිවාර්යෙන් යොමුවිය යුතුයි. මෙම වෛරස වැඩිපුර 18+ වෙබ් අඩවි තුල ඇතුලත් වෙනවා.
👾පරිගණකයට ඇතුල් වීමට පෙර මෙම Trojan Horse හදුනා ගත හැකිද?
අන්තර්ජාලයෙන් download කර ගන්නා executable ආකාරයේ files හරහා මෙම වෛරසය විශාල වශයෙන් පැතිර යනවා. විශේෂයෙන් ඊමේල් පණිවුඩ වල attachment එකක් වශයෙන් මෙවැනි ෆයිල් එකක් තිබේනම් එය විවෘත කිරීමට පෙර දෙවතාවක් සිතා බැලිය යුතුයි. මෙවන් files අඳුනාගත හැකි සරලම ආකාරය වන්නේ ඒවායේ ෆයිල් .exe, .vbs, .bat වැනි extension එකකින් සමන්විත වීමයි. නමුත් ඇතැම් Trojan Horse වල එකකට වැඩි ගණනක් වූව ද තිබිය හැක.
උදාරණයක් ලෙස වසර කීපයකට පෙර පැතිරීගිය love-letter-for-you.txt.vbs නම් වෛරසය සඳහන් කළ හැකිය. මෙවන් Trojan Horse වලින් පරිගණකය ආරක්ෂා කර ගන්නේ කෙසේද යන කරුණු පිළිබඳව මීළඟට සොයා බලමු.
👾Trojan වලින් ආරක්ෂා වන ආකාරය
මේ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග වන්නේ පරිගණකය firewall එක නිසි පරිදි ක්‍රියාත්මක කර තැබීමයි. ඇත්ත වශයෙන්ම windows 10 වල තියෙන firewall එක නිසි පරිදි update කරගෙන පවත්වා ගත්තොත් අමතරව virus guard එකක් පරිගණකයට අත්‍යවශ්‍යම වෙන්නේ නැහැ. පරිගණකයට පිටතින් ලැබෙන හා පරිගණකයෙන් පිටතට ලබා දෙන තොරතුරු පිළිබඳ නිරතුරු සොයා බලන ආකාරයේ ෆයර්වෝලයක් පරිගණකයේ පිහිටුවා ගැනීම පළමු පියවරයි.
ඊට අමතරව හොද virus guard මෘදුකාංගයක් පිහිටුවා ගැනීමත් වැදගත්. install කිරීම විතරක් ප්‍රමාණවත් නොවන අතර හැකි සෑම අවස්ථාවකම යාවත්කාලීන කර ගැනීමට ද අමතක නොකළ යුතුයි.
සැම මොහොතකම අන්තර්ජාලයට පරිගණක වෛරස සිය ගණනක් මුදාහරින බැවින් ඒවා හඳුනා ගත හැක්කේ අවශ්‍ය මෘදුකාංග යාවත්කාලීන කර තිබේ නම් පමණයි. නමුත් virus guard කීපයක් පරිගණකයට install කිරීම නොකළ යුතුයි. එවිට සිදුවන්නේ virus guard වල නොගැලපීම් ඇති වී පරිගණකයේ ක්‍රියාකාරිත්වය අවුල් සහගත වීමයි.
ඔබගේ පරිගණකයට මෙවන් Trojan Horse වෛරස ඇතුළු වූ පසු ඔබගේ email ලිපිනය හරහා ඔබගේ කිසිම දැනුමකින් තොරව වෛරසය සහිත ඊමේල් යැවීමද සිදු විය හැක.
Trojan Horse වෛරසය සොයාබැලිය හැකි ක්‍රමයක් වන්නේ පරිගණකයේ සැගවී ඇති files මොනවාදැයි බැලීමයි. උදාහරණයක් ලෙස මේවා මෙහෙයුම් පද්ධතියට අයත් files වර්ග දර්ශනය කර ගැනීමට නම් විශේෂිත ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතුයි.
මෙවන් වැදගත් files වල ස්වරූපයෙන් susiee.jpg වැනි ව්‍යාජ extension එකක් පෙන්වමින් susiee.jpg.exe ආකාරයේ වෛරස පරිගණකයේ සැඟවී තිබිය හැක. ඔබගේ පරිගණකය අන්තර්ජාලයට නිතරම සම්බන්ධ කර තිබෙන පරිගණකයක් නම් භාවිතා නොකරන අවස්ථාවලදී අන්තර්ජාලය විසන්ධි කර තැබීම සුදුසුයි.
අන්තර්ජාලය යනු විවිධාකාරයේ පරිඝණක වෛරස් වලින් පිරී ඇති තැනක්. මෙවන් වයිරස් වලින් පරිගණකය හා පරිගණකයේ ඇති වැදගත් තොරතුරු ආරක්ෂා කර ගැනීමට නම් හොඳ තත්වයේ ප්‍රතිවයිරස් මෘදුකාංගයක් පිහිටුවා ගෙන එය සෑම අවස්ථාවකදීම යාවත්කාලීන කර තිබීම අතිශයින් ම වැදගත් වේ.
පරිගණකයට මෙවන් වෛරසයක් ඇතුළු වූ අවස්ථාවක මෙවන් මෘදුකාංගයකින් සිදුවන සේවය වැදගත් වෙයි. නමුත් අද වන විට හොද තත්වයේ virus guard එකක් ලෙස සඳහන් කරමින් අන්තර්ජාලය පැමිණෙන ව්‍යාජ මෘදුකාංගද ඇත.
වෙබ් අඩවියට පිවිස සිටින අවස්ථාවක මතුවන pop up එකකින් ඔබගේ පරිගණක ඉතාම දරුණු කිහිපයක් ඇති බව හඳුනාගත් බවත් මෙයින් ඒ පරිගණක බේරා ගැනීම සඳහා පහත පියවර ගන්නා ලෙසත් කියා සිටි. බොහෝ දෙනා සිතන්නේ මේ ඇත්තක් ලෙසයි. මේ ලින්ක් බාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතුයි.
Crack වලිනුත් මේ virus පහසුවෙන්ම ඇතුල් වෙන්න පුළුවන්. මේ දේවල් ගැන සැලකිලිමත් වුනොත් ඔයාටත් පරිගණකය ගැටළුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.
WRITER - SAJIYAH

👍
ReplyDelete👍
ReplyDelete