tik tok history එක හොයා ගන්නෙ සහ ඩිලීට් කරන්නේ මෙහෙමයි.
tik tok වල තිබ්බ එපාම කරපු දෙයක් තමයි ඔයා කලින් බලපු වීඩියෝ එකක් නැවත බලන්න ඕනි වුනත් ඒක හොයාගන්න අමාරු එක. කලින් නං ටික් ටොක් එකේ ඔයාගේ history එක හොයාගන්න ගොඩක් සංකීර්ණ පියවර ගණනාවක් තුළින් යන්න ඕනේ වුණා. ඒත් දැන් ඔයාට හරිම ලේසියෙන් ඔයාගේ පසුගිය දවස් 7ක history එක හොයාගන්නත් ලේසියෙන් මකල දාන්නත් පුළුවන්.
ඔයාගේ tiktok watch history එක හොයාගන්නෙ මෙහෙමයි :
ටික් ටොක් එකේ දකුණු යට කොනට වෙන්න තියන ඔයාගේ profile icon එක click කරන්න.
දැන් දකුණු පැත්තේ උඩට වෙන්න තියෙන dot 3 click කරන්න.
එතනින් setting and privacy වලට ගිහින් ඒකෙ තියෙන watch history එකට යන්න.
දැන් ඔයාට බලාගන්න පුලුවන් ඔයා පහුගිය දවස් හතේ බලපු වීඩියෝස් අඩංගු වෙච්ච ගැලරි එකක්. දැන් ඔයාට ආපහු බලන්න කැමති වීඩියෝ එකක් උඩ ක්ලික් කරලා බලන්න පුළුවන්.
ඔයා බලන videos වල history සේව් වෙනවට ඔයා කැමති නැත්තං වගේම ඔයාට history එක delete කරන්න ඕන නං ඒකත් කරන එක හරිම ලේසියි.
watch history page එකේ උඩ දකුණු කෙළවරට වෙන්න තියෙන gear icon එක click කරන්න.
ඒකෙ තියෙන clear history එකෙන් clear option එක දුන්නහම ඔයාගේ history එක clear වෙනවා.
watch history save වෙන එකත් එතනම තියෙන toggle button එක ඕෆ් කලහම නතර කරන්න පුළුවන්.
හොඳට මතක තියාගන්න ඔයා watch history එක ඕෆ් කලත් ටික් ටොක් ඇප් එකේ තාමත් ඔයා බලන වීඩියෝ මොනාද කියලා track වෙනවා. ඒකට හේතුව ඔයාට ඊළගට පෙන්නන්න ඕනි මොනවගේ වීඩියෝස් ද කියලා තීරණය කරන්න නම් ඔයා කලින් බලපු දේවල් මොනවද කියලා ටික් ටොක් algorithm එක දැනගෙන ඉන්න ඕනි නිසයි.


Comments
Post a Comment