නවතම iOS 16 මගින් iphone status bar එකට බැටරි ප්‍රතිශතය එක් කෙරේ.


Apple සමාගම තම "iphone" දුරකථන වලට සහ "ipad" tab පරිගණක වලට සිය නවතම iOS 16 හි 5 වන බීටා සංස්කරනය මගින් notification bar එක මගින් බැටරි ප්‍රතිශතය පෙන්වීමේ හැකියාව කෙසේ හෝ අවසානයේ දී ලබා දුන්නා.වසර ගණනාවක සිට අතුරුදහන්ව තිබූ ඇපල් උපකරණ වල මෙම බැටරි ප්‍රතිශත දර්ශකය ඔන්න ආයෙමත් notification බාර් එකට ඇවිල්ල තියෙනව.


අවුරුදු පහකට විතර කලින් iphone x ආපු කාලෙදී හදුන්වල දුන්න iPhone 3GS එකේදි මතුවුන මේ ඉන්ඩිකේටර් එකේ අවුල නිසා අයින් කරල දාපු පාර ඔන්න දැන් තමයි නැවතත් මේක එන්නේ.


ඒ කියන්නේ ඔයා iphone user කෙනෙක් නං තවදුරටත් battery percentage එක බලාගන්න control center එක scroll down කරන්න ඕනි නැහැ කියන එකයි. මොකද දැන් ඒක කෙලින්ම status bar එකේ තියෙන නිසා home screen දිම ඔයාට බලන්න පුළුවන්.


කොහොම උනත් තවමත් මේක default ම එන්නේ නැහැ. ඔයා මේක settings වලට ගිහිල්ලා සක්‍රිය කරගන්න ඕනි feature එකක්. ඔයාට මේ option එක settings වල battery tab එකේ 'low power mode' option එකට උඩින් බලාගන්න පුළුවන්.


ඔයා මෙච්චර කල් දැකපු battery icon එකට වඩා මේක ටිකක් ලොකුයි හැබැයි. ඒ වගේම ඔයා ෆෝන් එක චාජර් එකට connect කලහම මේක කොළ පාට වෙනවා. බැටරිය ඇතුලෙන් අකුණක සලකුණක් පෙන්නනව. ඒ වගේම iphone එක low power mode එකේ තියෙනවනම් මේක කහපාට වෙනවා.


විශේෂයෙන්ම කියන්න ඕනේ හැම iphone එකක්ම මේකත් එක්ක හරියටම ගැළපෙයි ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඕගොල්ල දන්නවා iphone X , iPhone 11, iPhone 12 සහ iPhone 13 mini වල තියෙන notch එකත් එක්ක මේක එච්චර හරියන දෙයක් නෙමෙයි. නමුත් තවමත් ඒ release වෙලා තියෙන්නේ final version එක නොවන නිසාත් මේක beta version එකක ආපු feature එකක් නිසාත් අපිට ඉස්සරහට මොකක් වෙයිද කියල බලන්න ඊලග මාසේ නිල වශයෙන් iOS 16 release වෙනකන් ඉන්න වෙනවා. කොහොම හරි අපිට හිතාගන්න පුළුවන් ලබන සැප්තැම්බර් 6 වෙනිදා ට එන්න තියෙන iPhone 14 හැම එකකම වගේ මේ battery percentage indicator එක දැකගන්න පුළුවන් වෙයි කියලා.


SOURCES - GIZCHINA

Comments

Popular posts from this blog

Telegram app එකට එන අලුත්ම සුපිරි update එක ගැන.

Google play store logo එක වෙනස් වෙයිද?