Hashtag ගැන අන්න සිංහලෙන් හරියටම.

 


කට්ටිය මේ දවස් වල තරගේ ට පෝස්ට් දානවා නේ... හැබැයි ගොඩක් අය රැල්ලට කරනවා මිසක් hash tag කියන්නේ මොකද්ද කොහොමද කරන්න ඕනි තේරුමක් නෑ..ඉතින් අපි අද බලමු මොනවද කියලා මේ hash tags..


මොකද්ද මේ hash tag?


හරි...Hash tag එකක් කියන්නේ සරලවම එක මාතෘකාවක් යටතේ විසිරිලා තියෙන පෝස්ට් එක තැනකට ගන්න ක්‍රමයක්..

නිකන් හිතන්න වීදුරුවක් ඇතුලේ පාට පාට බොල තියෙනවා..එකේ බොත්තමක් ඔබපුවාම ඔයාට ඕනි ජාතියේ පාට තියෙන බොල ටික එනවා.

Social media වලත් මෙහෙමයි..ඔයා hash tag කරොත් ඒ hash tag එකේ තියෙන අනික් පෝස්ට් පෙන්නනවා..හරියට එක පොකුරක් වගේ


මේවා කරන්නේ ඇයි?


සරලවම ලෝකෙට දෙයක් පෙන්නන්න.. Social Campaign එකක් කරන්න..තනි පෝස්ට් නොදා hash tag එක්ක දාද්දී ඕනි ඒවා trending වෙනවා..තව අයට පේනවා.. ඒ මාතෘකාවට අදාල පෝස්ට් බලන්න පුළුවන්..මේ වගේ ගොඩක් වාසි තියෙනවා


මේවා හරියයි ද..මේවා කලින් කරලා තියේ ද?


ඔව් හරියනවා..මේ hash tag වලින් සාර්ථක වෙච්ච campaign ගොඩක් තියෙනවා..ලංකාවට ත් අදාල ප්‍රසිද්ධම hash tag එක තමයි RestoreTheSnyderVerse කියන ටැග් ඒක..මේකේ විස්තරේ දාන්නේ නෑ මන් පෝස්ට් ඒක දිග වෙන නිසා.


මේක හරියට කරන්නේ කොහොමද?


ගොඩක් social media වල hash tag තියෙනවා..ඒත් ඒවා වැඩ කරන විදිහ වෙනස්

අපිට වඩාත් සමීප Facebook නිසා ඒ ගැන කියන්නම්..hash tag පෝස්ට් දාද්දී මේවා පිළිපදින්න.


Hash tag එකේ හිස්තැන් තියන්න එපා.


එක පෝස්ට් එකකට එක hasg tag එකක් ඇති

ඔයා එකම පෝස්ට් එකේ උපරිම hash tag දෙකකට වඩා දැම්මොත් ඒ පෝස්ට් එකේ reach එක අඩු වෙනවා facebook වල..සමහර පෝස්ට් ඉක්මනින් මිලියන ඕනි නිසා ඒ පෝස්ට් එකේ සිය පාරක් විතර එකම hash tag එක..එහෙම කරන්න එපා තේරුමක් නෑ facebook වල

අදාල hash tag දාන්න

ඒක hash ටැග් එකක් දේශපාලනය සම්බන්ධ අනික් එක චිත්‍රපටි සම්බන්ධ වගේ ඒවා දාන්න එපා .අදාල ඒවා ම දාන්න

Comment වල hash tag දාන්න එපා

ගොඩක් page වල මේ අහවල් ටැග් එකෙන් comment දාහක් ඕනි වගේ ඒවා දැකලා තියෙනවා..අපේ උනොත් පෝම් වෙලා දාගෙන දාගෙන යනවා..එකම comment එක එක දිගට දැම්මා ම spam කියලා facebook එකෙන් ඔයාව අල්ලලා ඔයාගේ අකවුන්ට් ඒකට හානි වෙන එක විතරයි වෙන්නේ..ඒ නිසා hash tag fb වල use කරන්න එපා..twitter වල නම් කමක් නෑ.

Comments

Popular posts from this blog

iOS 16 හි සැගවුණු විශේෂාංග ගැන ඔබ නොදත් තොරතුරු.

ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ මිනිස්සු ඉන්න අමුතු පෝලිම්.

Dialog data ආයි සල්ලිවලට හරවමු