Facebook Massnger app එකෙහි ආරක්ෂාව තවත් වැඩි කරයි.
Facebook messanger කියන්නේ පෞද්ගලික චැට් වලට ආරක්ෂිත platform එකක් කියලා ගොඩක් අය හිතුවට ඇත්තම කතාව තමයි මේකෙදි සාමාන්‍ය චැට් වලට end to end encryption ආරක්ෂාව ලැබෙන් නැහැ කියන එක. මේක ඔයාගේ සංවේදී පෞද්ගලික දත්ත සැලකිය යුතු අවදානමකට ලක් කරන කාරණාවක්.
end to end encryption මගින් ඔයා සමග කතා කරන පුද්ගලයා අතර යැවෙන කිසිදු ආකාරයක පණිවිඩයක් මෙටා සමාගමට එහෙම නැත්නම් ෆේස්බුක් සමාගමට හෝ වෙනත් කිසිදු අතරමැදි පාර්ශවයකට කියවීමට හෝ කිසිදු ආකාරයකින් acssess කිරීමට නොහැකි බවට තහවුරු කරනු ලබනවා.
ඒත් අවාසනාවකට WhatsApp වලදි වගේ මැසෙන්ජර් වලදී end to end encryption එක default ම activate වෙලා එන්නේ නැහැ. ඉතින් ඔයාට තෙවැනි පාර්ශවයක මැදිහත්වීම වලක්වාගන්නා උවමනා නම් ඔයාම මේක activate කරගන්න වග බලා ගන්න ඕනි.
වැඩිය හිතන්න දෙයක් නෑ.. මේක ඇක්ටිවේට් කරන විදිය එක පාරක් ඉගෙන ගත්තට පස්සේ ඒක කරන්න හරිම ලේසියි. හැබැයි මෙතන පොඩි අඩුපාඩුවකට තියෙන්නේ ඒක එකපාර මම cantact එකකටම ඇක්ටිවේට් කරන්න බැරි එකයි. ඒක ඔයා වෙන වෙනම ඔයාට අවශ්‍ය cantact වලට විතරයි දාගන්න පුළුවන්.
කාත් එක්ක හරි encrypt කරපු chat එකක් පටන් ගන්න ඕනි නම් මා මුලින්ම එන්ටර් වෙන්න secret conversion කියන mode එකට. ඒක කරන්නේ මෙහෙමයි.
1). messenger app එක open කරගන්න. ඔයාට මේ විදිහට චැට් කරන්න ඕනේ contact එකේ profile icon එක උඩ tap කරන්න.
2). chat එකේ උඩම තියෙන එයාගේ profile icon එක ආපහු click කරන්න.
3). ඒකෙ more actions යටතේ තියෙන go to secret conversation එක ඔබන්න.
ඔයා දැන් ඉන්නේ end to end encryption support කරන chat window එකක. ඔන්න දැන් ඔයාට ඕන්නං පුළුවන් ඔයාගෙ මැසේජ් ඔයාගේ device එකෙන් වගේම අනෙක් පුද්ගලයාගේ device එකෙනුත් අතුරුදහන් කරලා දාන්නත්.
එහෙම කරන්න conversion වින්ඩෝ එකේ උඩ තියන බැනර් එක ටැප් කරන්න. එහෙම නැත්තං වම් අත පැත්තේ තියෙන ඒ අදාල ප්‍රොෆයිල් එකේ disappearing messages සෙටින් එකෙන් අදාල කල් ඉකුත්වන කාලයන් දන්වන්න පුළුවන්.
SOURCES - MACRUMORS

Denuwan
ReplyDelete