Iphone 14 ගැන අලුත්ම news මෙන්න.
Apple සිය මීලග පරම්පරාව වන iphone 14 ශේණියේ smartphone වෙලදපොලට නිකුත් කිරීමට සූදානම් වෙමින් සිටී.iphone 14 ඉදිරි මාසවලදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත නමුත් සමාගම තවමත් එය දියත් කරන දවසක් ප්‍රකාශ කොට නොමැත.එහෙත් දැන් නවතම වාර්තා අනුව නිකුත් කරන දිනය හෙලිකර ඇත.
Tipsta iHacktu ileaks හි නවතම වාර්තාවක් පවසන්නේ Apple iphone 14 ශේණියේ smartphone සැප්තැම්බර් 13 නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි.
මෙතෙක් වාර්තා වී ඇති වාර්තා වලට අනුව Apple විසින් iPhone 14, iPhone 14 Max, iPhone 14 Pro සහ iPhone 14 Pro Max යනුවෙන් smartphone හතරක් දියත් කිරීමට අපේක්ෂා කෙරේ.iPhone 14 සහ 14 Pro අගල් 6.1 යුත් screen එකකින් සමන්විත වන අතර, 14 Max සහ 14 Pro Max අගල් 6.7 කින් යුත් screen එකකින් සමන්විතය.
මෙවර Apple විසින් iPhone 14 ශ්‍රේණියේ Pro සහ Non-Pro smartphone අතර සැලකිය යුතු වෙනසක් ඇතිකර ඇත.උදාහරණයක් ලෙස Pro මාදිලිය පන්ච්-හෝල් කටවුට් එකකට අනුග්‍රහය දක්වන අතර නවතම A16 Bionic චිප්සෙට් මගින් බල ගැන්වෙනු ඇත.
Apple විසින් තව සති කිහිපයකින් iPhone 14 සහ Apple Watch Series 8 එලිදක්වන උත්සවය පැවැත්වෙන දිනය නීවේදනය කරනු ඇත.
WRITER - TECH MAN LK
SOURCES - GIZMOCHINA

Comments
Post a Comment