පුදුම හිතෙන නව IOS 16 පහසුකම්.

 


Apple සමාගම විසින් නිල වශයෙන් iOS 16 සංස්කරණය පිළිබඳ තොරතුරු එලිදැක්වීමට කටයුතු කරනු ලැබුවා. iOS 15 සංස්කරණය වනතුරු නිකුත් වූ iOS සංස්කරණයන්ගෙ​න් ඉතාමත් වෙනස් ආකාරයේ iOS 16 සංස්කරණය ඔවුන් හදුන්වනු ලැබුවා. iOS 16 සංස්කරණය හරහා වෙනදාට වඩා වැඩි customization හැකියාවන් ලබා දීමට Apple සමාගම කටයුතු කර තිබුනා.


IOS 16 Lock Screen


iOS 16 සංස්කරණය හරහා iPhone එකේ lock screen එකට widgets ඇතුලත් කල හැකි අතර lock screen එකට ඇතුලත් කරන background image එකේ depth of field බාවිතා කරමින් ඔබට customice කිරීමේ හැකියාව ලබා දීමට Apple සමාගම කටයුතු කරනු ලැබුවා.


Wallpaper gallery


එමෙන්ම iOS 16 හරහා Wallpaper Gallery එකක්ද හදුන්වාදීමට කටයුතු කර ඇත.ඒ හරහා පරිශීලකයන්ට විශාල wallpapers ප්‍රමාණයක් තමන්ගේ කැමැත්ත පරිදි තෝරා ගැනීමේ හැකියාව ලැබෙනවා.


Live Notification


live notifications හරහා සජිවීව තොරතුරු හුවමාරු කරගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා. ඒ සඳහා Apple සමාගම විසින් මෘදුකාංග සංවර්ධකයන් වෙත Live Notifications API නමින් පහසුකමක්ද හදුන්වාදීම සිදු කෙරුනා.


New fonts and colors in Lock Screen


Lock screen එකෙහි ඇති clock එකේ ඇති font එක පරිශීලකයාගේ කැමැත්ත අනුව වෙනස් කිරීමට හැකිය. ඒ අනුව font එකේ style එක මෙන්ම එහි වර්ණයද වෙනස් කිරීමට ඔබට හැකිය.


New notification style


සාම්ප්‍රදායික ක්‍රමයෙන් එලියට ගොස් Apple සමාගම ios 16 හීදී lock screen එකේ පහලින් notification පෙන්වන ආකාරයට සකසා ඇත මේ මගින් screen එකෙහි ගොඩක් ඉඩ ඉතුරුවේ.


Apple news


Apple හි ප්‍රවෘත්ති යෙදුම My Sports අංශයක් සමඟ යාවත්කාලීන කර ඇත, එය පරිශීලකයින්ට ඔවුන්ගේ ප්‍රියතම ක්‍රී​ඩා කණ්ඩායම් follow කිරීමට ඉඩ සලසයි. මෙයට කණ්ඩායම් වල highlights, ලකුණු සහ කණ්ඩාය​ම් ස්ථාවරයන් ඇතුළත් වේ. එමෙන්ම මෙය Apple News+ පහසුකම සමඟින් භාවිතා කිරීමෙ හැකියාවද ඇතුලත් කර ඇත.


New features to the Messages app


Apple සමාගම විසින් ඔවුන්ගේ Messages app එක සඳහා නව විශේෂාංග තුනක් එකතු කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව iOS 16 සංස්කරණය සමඟින් iOS පරිශීලකයන්ට ඉදිරියේදී,

Edit messages
“Undo Send”
Mark As Unread

යන පහසුකම් ත්‍රිත්වය අත්විදීමේ හැකියාව හිමිවනු ඇත.

මේ නව පහසුකම් වලට අමතරව iOS 16 හරහා Dictation විශේෂාංගය සඳහා අළුතෙන් පහසුකම් රැසක් හදුන්වාදීමට Apple සමාගම කටයුතු කරනු ලැබුවා. මේ හරහා ඉතාමත් පහසුවෙන් සහ නිවැරදිව පණිවිඩ රචනා කිරීමේ හැකියාව හිමිවනවා.

තෙවන පාර්ශවීය යෙදුම් සඳහා Siri සමඟ ඒකාබද්ධ වීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා, Apple විසින් App Intents API හදුන්වාදෙනු ලැබුවා.. මෙමගින් යෙදුම් වලට පහසුවෙ​න් Siri සමග ඒකාබද්ධ වීමට අවස්ථාව සැලසෙනවා.

iOS 16 සමඟින්, Apple සමාගම විසින් හදුන්වා දුන් ලො​ව ජනප්‍රිය Live Text විශේෂාංගය ප්‍රථම වතාවට වීඩියෝ වෙත ද ලබා දීමට කටයුතු කරනු ලැබු​වා. වීඩියෝ වලින් text තෝරා ගැනීමට මෙම පහසුම​ක ඔබට ඉඩ සලසනු ලබනවා. මෘදුකාං​ග සංවර්ධකයින්ට Live Text විශේෂාංග වෙත ප්‍රවේශ වීම​ට ඉඩ සලසන නව Live Text API එකක් ද හදුන්වාදීම සිදු කෙරුනා.


Apple map 3D


Apple map වෙත fly over පහසුකම හා නව නගර ප්‍රතිස්ථාපනය කරන ත්‍රිමාන සිතියම්කරනය පුලුල් කිරීමට කටයුතු කර තිබෙනවා.මේ ආකාරයට ප්‍රතිනිර්මාණය කරන ලද ත්‍රිමා​ණ සිතියම්,

Atlanta
Chicago
Las Vegas
London
Los Angeles
Melbourne
Miami
Montreal
New York
Philadelphia
San Diego
San Francisco
Seattle
Sydney
Toronto
Vancouver
Washington DC

යන නගරයන් සඳහා නිකුත් කෙරෙනු ඇත.


මීට අමතරව Wallet app, Home app, CarPlay, සඳහා නව පහසුකම්ද, Personalized Spatial Audio, Quick Note on iPhone, New Memoji customization යන පහසුකම්ද හදුන්වාදෙනු ලැබුවා.



WRITER - BUDAVI WATHSARA

SOURCES - ANDROID WEDAKARAYO

Comments

Popular posts from this blog

iOS 16 හි සැගවුණු විශේෂාංග ගැන ඔබ නොදත් තොරතුරු.

ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ මිනිස්සු ඉන්න අමුතු පෝලිම්.

Dialog data ආයි සල්ලිවලට හරවමු