Firefox සදහා ofline translate පහසුකම ලබාදීමට Mozilla සැරසෙයි.
Mozilla විසින් Firefox Translations නමින් නව add-on හදුන්වා දීමට කටයුතු කරයි (extensionයක් ලෙස). මෙය පරිවර්තන සඳහා සකසා ඇති නමුත් හොදම කොටස නම් එය offline භාවිතා කිරීමට හැකි වීමයි. මෙම මෙවලම් local computer වශයෙන් ක්‍රියාකරන අතර cloud server මත රදා නොපවතී.
කෙසේ වෙතත් මෙම Firefox Translations දැනට සහය දක්වන්නේ ස්පාඤ්ඤ, බල්ගේරියානු, චෙක්, එස්තෝනියානු, ජර්මන්, අයිස්ලන්ත, ඉතාලි, නෝර්වීජියානු බොක්මාල් සහ නයිනෝර්ස්ක්, පර්සියානු, පෘතුගීසි සහ රුසියානු යන භාෂා 12 කට පමණි.කෙසේ වෙතත් මෙය google translate එක්ක සසදා බලද්දී මෙහි අඩුපාඩුවක් ලෙස සැලකිය හැකිය.මෙයද ඉක්මනින් සකසනු ඇතැයි සිතමි.
Firefox Translations ය දැන් Firefox Add-on Store හි ඇති අතර පහසුවෙන් install කළ හැකිය. සමාගම පරිශීලක feedback ලබා ගැනීමට ද අදහස් කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇඩෝනයේ (Add-on) ඇති සමීක්ෂණයක් පුරවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
WRITER - BUDAVI WATHSARA
SOURCES - ANDROID WEDAKARAYO

Comments
Post a Comment