Whatsapp වෙත අලුතින් එන්න තියන සුපිරි විශේෂාංගය.
Whatsapp හි වඩාත් එපා වන දෙයක් තමයි ඔබ group එකකින් left වූ විට එහි සිටින සාමාජිකයින්ට ඔබ ඉවත්වූ බවට දිස්වීමයි.මෙම හේතුවනිසා ඔබට යහලුවකුගේ හෝ නෑදෑයකුගේ සමූහයකින් left වූ විට කුඩා සටහනක් දිස් වීමයි.මෙය අපහසුතාවයකට හේතුවිය හැක.මෙය whatsapp වගේම අනෙකුත් මැසේජ් App වලද දැකිය හැක.
මෙම ගැටලුවට පිලියමක් ලෙස මේවනවිටත් Whatsapp අනවශ්‍ය group වලින් අපහසුතාවයකින් තොරව ඉවත වීමට කටයුතු කරමින් සිටියි.
WABetaInfo web අඩවියට අනුව එම විශේෂාංගය තවම සංවර්දනය වෙමින් පවතී.ඉදිරි update වලින් මෙම පහසුකමද ලැබෙනු ඇත.ඉන්පසු කවුරුන් හෝ left වූ විට එය පිලිබද දැනුම්දීමක් ඇඩ්මින් වරුන්ට පමනක් සිදුවන බවයි.
දැනට මෙය Desktop whatsapp beta හී දක්නට ලැබේ.මෙය ඉදිරියේදී Android සහ IOS Whatsapp beta සදහා බොහෝ දුරට පැමිනීමට ඉඩ ඇත.
WRITER - BUDAVI WATHSARA
SOURCES - WABetaInfo.COM


Comments
Post a Comment