Helakuru App එකෙන් leak වෙන අපේ දත්ත.


මුලින්ම දෙයක් මම කියන්න ඕනේ මේ ලිපිය, මේ News එක ඔයාලව දැනුවත් කරන්න කලින්. මම මේ ලිපිය ගේන්නේ මෙම ආයතනය හෑල්ලූවට ලක් කිරීමට වත් විවේචනය කිරීමට වත් එහි සන්නාම නාමයට වත් හානි කිරීමට හෝ නොවේ. මෙය හුදෙක්ම ඔබ වෙත ගෙන එන්නේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර ඔබ එයින් මිදීමට උපකාරයක් ලෙසයි. 


PayHere කියන්නේ bhasha ආයතනයෙන් සපයන මූල්‍යමය සේවාවක්. Basha ආයතනය මේ මැතකදි PayHere සහ Helakuru සේවාවන් දෙක එක් කොට HelaPay යනුවෙන් නව සේවාවක් හඳුන්වා දුන්නා. මේ වන විට cyber attack හේතුවෙන් සියලුම Helakuru පරිශීලකයන්ගේ Email addresses 1.5 million විතර expose වෙලා තියෙනවා. Expose වෙලා තියෙන info තමයි.


👉 IP addresses

👉 physical addresses 

👉 ඔබගේ සම්පුර්ණ නම

👉 දුරකථන අංක

👉 Credit සහ debit card Payment History

👉 කාඩ් type එක

👉 කාඩ් එකෙ අංකය

👉 කාඩ් එකෙ expiry date එක


ගොඩක් වෙලාවට ඔයාලගෙ email එකත් expose වෙලා ඇති. ඔයාලත් මේකට අහුවෙලාද බලන්න නැද්ද බලාගන්න Worldinova One App එකේ දාලා තියෙන ලින්ක් එක පාවිච්චි කරන්න. මෙකෙදි ඔයා HelaPay පාවිච්චි කරල නැතත් Helakuru App එක භාවිතා කරල තියෙනවා නම් ඔයත් මේකට හසු වෙලා ඇති.


එහෙම expose වෙලා තියෙනවා නම් ඉතිහාසයේ ඉදන්ම ඔයාගෙන් වුන breaches ගැන විස්තරයක් පල්ලෙහායින් ඔයාලට පෙන්නයි. ඔයාගෙ details පෙන්නනවා නම් ගිහින් google account එකේ password වෙනස් කරගන්න. Google account එකක් නැත්නම් email එකෙ පාස්වර්ඩ් වෙනස් කරගන්න. 2 factor verification එකත් දාගන්න. Payhere වලට සම්බන්ධ සියලුම payment gateways වලින් ඔයාලගෙ card details අයින් කරගන්න.


ඒ වගේම විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා මේ පිළිබඳව Bhasha ආයතනය කිසිදු නිල නිවේදනයක් මේ වන තෙක් නිකුත් කර නොමැති අතර ඔබ දැනටමත් HelaPay පාවිච්චි කරපු කෙනෙක් නම් ඔයාගේ බැංකුවට ගිහිල්ලා ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එක අප්ඩේට් කරගන්න. මං මේ කියන්නේ ඔයාගේ බැංකු ගිණුම අප්ඩේට් කරගන්න කියන එක නෙමේයි.


WRITER - WORLDINOVA ONE

SOURCES - WORLDINOVA APP

Comments

Popular posts from this blog

iOS 16 හි සැගවුණු විශේෂාංග ගැන ඔබ නොදත් තොරතුරු.

ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ මිනිස්සු ඉන්න අමුතු පෝලිම්.

Dialog data ආයි සල්ලිවලට හරවමු