Tik tok හි පුදුම හිතෙන ඉතිහාසය
01. TIK TOK ආරම්භය
2013 වසරේ youtube සදහා අබියෝගයක් ලෙස vine නම් කෙටි වීඩියෝ සේවාවක් ආරම්භ විය.මෙහි සැලකියයුතු විශාල accounts ප්‍රමානයක් තිබුනද මෙය එක් කන්ඩායමක් සදහා සීමා විය.මෙය සදහා අබියෝගයක් ලෙස චීනයේ musical ly app එක නිර්මාණය විය.2017 වනවිටමෙය තුල මිලියන 200කට අදික ගිනුම් ප්‍රමානයක් තිබින.මෙය සදහා තරග කිරීමට bytedance සමාගම මෙයට ඉතාසමාන ඇප් එකක් නිර්මාණය කරන ලදී.මෙය සදහා ඩූයින් යැයි නම තබා ඇත.මෙහි බාවිතයේ ඇතිපහසුව නිසා කෙටි කාලයක් තුල මෙයට මිලියන 100 කට අදික පිරිසක් එකතු විය.මෙයට musical ly චීනය තුල අබිබවා යා නොහැකි බව තේරුම් ගත් bytedance සමාගම මෙය චීනයෙන් පිටත ප්‍රවර්දනය සදහා අවදානය යොමු කලේය.
02. tik tok ජාත්‍යන්තරයට
මෙය ජාත්‍යන්තරයට ගෙනයාම සදහා හා අනෙක් බාශා කතාකරන අයට පහසු නමක් වීම සදහා ඔරලෝසුවේ කටු කැරකෙන විට නැගෙන ශබ්දය වන tik tok මෙහි නම ලෙස යොදාගන්නා ලදී.එහෙත් එයට musical ly සමග තරගයක් ඇතිනිසා byte dance සමාගම එහි සේවකයන්ට විවිධ වරප්‍රසාදය දීමට පොරොන්දු විය.මෙහි ප්‍රතිපලයක් ලෙස 2017 නොවැම්බර් 09 දින musical ly app එක මිලදී ගන්නා ලදී.ඉන්පසු 2018 වසරේ musical ly තුල තිබූසියලුම ගිනුම් tik tok වෙත මාරු කරන ලදී.
03. හිතාගත නොහැකි ජනප්‍රියත්වය.
ටික් ටොක් තනි ඇප් එකක් වීමත් සමග එයට හිතාගත නොහැකි ජනප්‍රියත්වයක් ලැබින.සති 2ක් වැනි කෙටි කාලයක් තුල apple appstore හි සුපිරි ඇප් 10 අතරට ඒමටද මෙයට හැකි විය.google playstore හීද වැඩිම downloards ප්‍රමානයක් ටික් ටොක් වෙත ලැබින.2018 අවසන් වනවිට ටික් ටොක් හි downloards ප්‍රමානය මිලියන 500 ඉක්මවා ගියේය.ඒවගේම apple appstore හීද වැඩිම ඩවුන්ලෝඩ්ස් ඇති ඇප් එක එයයි.
මේවනවිට ටික් ටොක් අනෙක් ඇප් වල ක්රියාකරීත්වයටද විශාල වෙනසක් සිදුකර ඇත.ඒ youtube shorts වැනිදේ නිර්මාණය වීමයි.
𝚆𝚁𝙸𝚃𝙴 𝙱𝚈 𝙱𝚄𝙳𝙰𝚅𝙸 𝚆𝙰𝚃𝙷𝚂𝙰𝚁𝙰
𝚃𝙴𝙲𝙷 𝚆𝙾𝚁𝙻𝙳 𝚆𝚁𝙸𝚃𝙴 𝚃𝙴𝙰𝙼



Comment එකකුත් දාන්න.
ReplyDelete