Telegram bots ල ගැන බිදක්


ඔන්න අද කතාකරන්න යන්නේ ඔයාල කව්රුත් දන්න Telegram BOT ලා ගැන. WhatsApp , Twitter , Facebook , Instagram වගේ Social Media වලට වඩා Telegram වලට පරිශීලක ගනන වැඩි වෙන්න Telegram වල තියෙන Privacy වගේම මේ BOT ලත් එක හේතුවක් උනා.. මොකද පරිශීලකයින්ට අමුතුම අත්දැකීමක් උනා මේ Telegram BOT ලව. Social Networking ආයතන වල අරමුණ අපට අලුත් දෙයක් ලබා දෙන එක , අපේ වැඩ ලේසි වෙන විදිහේ අලුත් දේවල්... ඉතින් ඒ අරමුණට ගොඩක් හොදට ගැලපෙන විසදුම විදිහට Telegram ආයතනයෙන් Telegram BOTs කියල අලුත් Platform එකක් අපිට හදුවලා දීල තියෙනවා...


Telegram BOT කියන්නෙත් Telegram වල තියෙන සාමාන්‍ය Account වගේම Accounts වර්ගයක්. ඒත්.. මේ BOT ගිණුම් වල වෙනස්කම් කිහිපයක්ම තියෙනවා. ප්‍රධානම වෙනස තමයි මේ BOT ලා වැඩ කරන්නේ Program එකකින් . ඒ කියන්නේ මේ BOT වැඩ කරන්න ඕනේ විදිහ Programmer කෙනෙක් කලින් Program කරලා තියෙන්න ඕනේ. නැත්තම් මේ BOT කියන්නේ නිකන්ම ගිණුමක් විතරයි. මේ BOTs ගිණුම් @BotFather කියන Platform එක හරහා අපේ සාමාන්‍ය Telegram Account එකකින් 20ක් හදන්න පුළුවන්. මේ BOT Accounts වල පිවිසුම් මාර්ගය වෙන්නේ ඒ කියන්නේ අපි මේ BOT Accounts Access කරන්නේ BOT Token කියල එකකින්.


මේ Telegram BOT ලා Program කිරීම සදහා Telegram ආයතනය විසින් Telegram BOT API හදුන්වලා දීලා තියෙනවා. ඒ වගේම මේ Telegram BOT API පාදක කරගෙන Python Programming Language එක සදහා Python-Telegram-Bot , Pyrogram , Telethon , Telebot වගේ Library කිහිපයක්ම නිර්මාණය වෙලා තියෙනවා. මේ වන විට මේ Library උපයෝගී කරගෙන විශාල වශයෙන් BOT ලා නිර්මාණය වෙලා තියෙනවා.


මේ Telegram BOTs කියන Platform එක බොහෝ Programmers ලට Programming සම්බන්ධයෙන් තියෙන තම හැකියාව එලි දැක්වීමට මනා පිටුවහලක්. ඒ නිසාම මේ වන විටත් බොහෝ Programmers ලා මේ Telegram BOTs Programming වලට වැඩි නැබුරුවක් දක්වලා තියෙනවා. ඉතින් අපිට ඉදිරියේදීත් අලුත් අලුත් Telegram BOT නිර්මාණ රැසක් දැක ගන්න පුළුවන් වේවි.


WRITER - BUDAVI WATHSARA

SOURCES - DISCOVER GROUP

Comments

Popular posts from this blog

iOS 16 හි සැගවුණු විශේෂාංග ගැන ඔබ නොදත් තොරතුරු.

ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ මිනිස්සු ඉන්න අමුතු පෝලිම්.

Dialog data ආයි සල්ලිවලට හරවමු