2022 Digital නැකැත් සීට්ටුව.

 


ඔන්න Tech World team එක අපි හිතුව මේසැරේ නැකැත්සීට්ටුව කොල නැති නිසා ගොඩක් අයට ලැබිල නැතිනිසා ඒක digital විදියට ගේන්න.


අවුරුදු උදාව 

අප්‍රේල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 08.41 තත්පර 17ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.


පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා (එළිවන පාන්දර පූර්ව භාග 02.17 තත්පර 17 සිට එදින අපර භාග 03.05 තත්පර 17 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 02.17 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 08.41 තත්පර 17 සිට අපර භාග 03.05 තත්පර 17 දක්වා කාලය තුළ පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර ක්‍රම ඉටු කිරීම ද ඉතාමත් මැනවි.


ආහාර පිසීම 

අප්‍රේල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.05 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා. දීකිරි මිශ්‍ර කිරිබතක් හා උඳු පිටි මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම ඉතාමත් මැනවි.


වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය 

අප්‍රේල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.17ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කිරීම ඉතාමත් මැනවි.


හිසතෙල් ගෑම 

අප්‍රේල් මස 17 වෙනි ඉරිදා දින උදේ 07.04ට රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත්ද පයට නුග පත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල්ද ගා ස්නානය කිරීම ඉතාමත් මැනවි.


රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 18 වන සඳුදා උදේ 06.51 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දීකිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම ඉතාමත් මැනවි.

🥳ලබන්නාවූ අලුත් අවුරුද්ද කිරිපිටි ලැබෙන, ගෑස් ලැබෙන, තෙල් ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි Tech World අපේ ප්‍රාර්තනය.😎

Comments

Popular posts from this blog

iOS 16 හි සැගවුණු විශේෂාංග ගැන ඔබ නොදත් තොරතුරු.

ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ මිනිස්සු ඉන්න අමුතු පෝලිම්.

Dialog data ආයි සල්ලිවලට හරවමු