Facebook Messenger විසින් Split Payments , Vanish Mode සහ තවත් පහසුකම් කිහිපයක් හඳුන්වා දෙයි.

 


FB Messenger මගින් ඇමෙරිකා එක්සත් ජනපදයේ iOS සහ Android පරිශීලකයින්ට Split Payment, Vanish Mode සහ නව voice message recording controls ඇතුළත් පහසුකම් කිහිපයක් හඳුන්වා දී තිබේනවා.


Split Payments


Split Payments පහසුකම දැන් එක්සත් ජනපදයේ iOS සහ Android දුරකථන වලට ලබා දී ඇත. Split Payments භාවිතා කිරීමෙන් ඔබේ බිල්පත ඒකාකාරව බෙදීමට හෝ එක් එක් පුද්ගලයාට ගෙවිය යුතු මුදල තීරණය කිරීමට හැකිය. සරලව පැවසුවහොත් මෙමඟින් ‍යම්කිසි මුදලක් සමානව බෙදෙන ලෙස කිහිපදෙනෙකුට ගෙවිය හැකිය.


New voice message recording controls


නව හඬ පණිවිඩ පටිගත කිරීමේ පාලක කිහිපයක් ද ඔවුන් විසින් හඳුන්වා දී තිබේ. එමගින් ඔබට voice message එකක් send කිරීමට ‌පෙර pause කිරීමට හා නැවතත් continue කිරීමටද , preview එකක් දැක ගැනීමට හා අවශ්‍ය නම් delete කරීමට හැකියාව ලබා ‌දේ. ඊට අමතරව voice messages හි කාලය විනාඩියක සිට විනාඩි 30 දක්වා වැඩි කිරීමට ද කටයුතු කර ඇත.


Vanish Mode


Vanish Mode සමඟින්, ඔබගේ messages දැකීමෙන් පසු අතුරුදහන් වේ. Text messages පමණක් ‌නොව එමගින් අතුරුදහන් වන memes, GIF, stickers හෝ reactions පවා යැවිය හැක. මෙය WhatsApp හි disappearing Messages ට සහ Telegram Auto Delete පහසුකමට සමාන වේ.


නුදුරේදීම මෙම පහසුකම් සියල්ලම iOS සහ Android පරිශීලකයන්ට ලබා දෙන බව ද Meta සමාගම පවසයි.


𝚆𝚁𝙸𝚃𝙴 𝙱𝚈 𝙱𝚄𝙳𝙰𝚅𝙸 𝚆𝙰𝚃𝙷𝚂𝙰𝚁𝙰

𝚂𝙾𝚄𝚁𝙲𝙴𝚂 𝚆𝙸𝙳𝙾𝚇 𝚁𝙴𝙰𝙳

Comments

Post a Comment

Popular posts from this blog

iOS 16 හි සැගවුණු විශේෂාංග ගැන ඔබ නොදත් තොරතුරු.

ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ මිනිස්සු ඉන්න අමුතු පෝලිම්.

Dialog data ආයි සල්ලිවලට හරවමු