වෙනත් අයට Apps වෙත පිවිසීම වළකන Lockdown Lite
“ෆෝන් එක පොඩ්ඩක් දෙන්න” සහ “ෆෝන් එකේ ගේම් නැද්ද?” යනු ඇඟ කිළිපොලා යන ප්‍රශ්න නම්, ඒ ප්‍රශ්න ගැටළුවක් කර නොගන්නට Lockdown Lite සමග අවස්ථාව ලැබේ. දැන් බොහෝ දුරකතනවල Apps ලොක් කිරීමට මෙහෙයුම් පද්ධතිය හරහාම පහසුකම් සලසා ඇතත්, ඔබේ දුරකතනයේ එවැන්නක් නොමැති නම් මෙහි සහාය ලබා ගත හැකි වනු ඇත.
ඉතා සරල App එකක් වන මෙය, ඔබට වෙනත් අයට පිවිසුම් සීමා කළ යුතු ඒවා තෝරා දුන් විට ඒවා විවෘත කරද්දී Pin අංකයක්, මුරපදයක් හෝ Fingerprint එක විමසා සිටියි. එසේම, අනවසරයෙන් Apps Uninstall කිරීම ද වළකයි. වෙළඳ දැන්වීම් පෙන්වීම මෙහි ඇති ගැටළුවක් නමුත්, අවශ්‍ය නම් $ 0.99 (රු. 180ක් පමණ) ගෙවා එය වළකාලිය හැක.
මෙය කෙතරම් කුඩා ද යත්, බාගත කිරීමට වැය වන්නේ 517 KB (මෙගාබයිට් 0.5ක් පමණ)කි.
𝚆𝚁𝙸𝚃𝙴 𝙱𝚈 𝙱𝚄𝙳𝙰𝚅𝙸 𝚆𝙰𝚃𝙷𝚂𝙰𝚁𝙰
𝚃𝙴𝙲𝙷 𝚆𝙾𝚁𝙻𝙳 𝚆𝚁𝙸𝚃𝙴 𝚃𝙴𝙰𝙼

Comments
Post a Comment