macos, windows වලට ගහන්න චීනයෙන් එන අලුත්ම Desctop os එක.
චීනය විසින් mac os, windows os සදහා අභියෝගයක් වීමට තමාගේම desctop os එකක් නිර්මාණය කිරීමට වසර ගණනක් තිස්සේ උත්සාහ ගත්ත ද එහි තවම සැලකිය යුතුහෝ ප්‍රගතියක් නොමැත.ඒ මොක ද යත් බොහෝ පුද්ගලයින් microsoft windows os මත කටයුතු කරනා හෙයිනි.කෙසේ වෙතත් ඉදිරියේදී එය එසේ නොවනු ඇතැයි චීනය පවසයි.
mac os, windows os වැනි os සදහා replace කලහැකි ඔවුන්ගේම os එකක් නිර්මාණය කිරීමට චීනය පටන්ගෙන ඇති බවයි South China Morning Post වාර්තා කරන්නේ.මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ China Electronics corporation හී අනුබද්ධ සමාගමක් වන Kylinsoft සමාගමයි.ඔවුන් විසින් මේ සදහා දේශීය සමාගම් කිහිපයක් සමගද ගිවිසුම් ගතවී ඇත. ඔවුන්ගේ පලමු පියවර වනුයේ programmers ලා දායක වීම දිරිගැන්වීමට "openkylin" නම් open sources code community එකක් නිර්මාණය කිරීමයි.
freeBSD වෙතින් 99% කට වඩා වැඩි code ප්‍රමාණයක් සොරකම් කරගෙන kylin linux සදහා භාවිත කරන අතර මෙහි නවීන අනුවාද linux මත පදනම් වූ ඒවද වෙනවා.එනෙන්ම mac os windows os හි ui ද මෙහි ඇතුලත් වෙනවා.
Mac os හා windows os වෙත අභියෝග කිරීමට අපහසු වනු ඇතිබව බීජිං හි ප්‍රවීණ විශ්ලේෂකයෙකු වන Liu Dingding විසින් Global Times වෙත පවසා තිබුනි.මෙයින් පෙනීයන්නේ මෙම desctop os එක පිලිබදව චීනයේ පර්‍යේෂකයින්ට පවා විශ්වාසයක් නොමැති බවකි.
WRITER - BUDAVI WATHSARA
SOURCES - CYBER YAKKU


Amazing 👏
ReplyDelete