ඇපල් මූලස්ථානය ගැන ඔබ නොදත් තොරතුරු
ඇපල් සමාගමේ මූලස්තානය හරියටම පිටසක්වල යානයක් වගේ.එහි නම spaceship ය.මෙය පිහිටා ඇත්තේ කැලිෆෝනියා ප්‍රන්තයේ කූපටීනෝ නම් ගමේය.මෙය සෑදුනේ මැද හිස්ව තිබෙන මුද්දක හැඩයටය.මෙය මැද විශාල ගස් වවා කුඩා වනාන්තරයක්ද සාදා ඇත.මෙහි වැඩකටයුතු අවසන් කලේ 2017දීය.මෙයට ඒසදහා වැයවූ මුලු මුදල ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ක් වේ.මෙහි හිටපු ප්‍රදානී ස්ටීව් ජොබ්ස් මහතාගේ උත්සාහයක් ලෙස මෙම සිත් ගන්නාසුලු ගොඩනැගිල්ල නිර්මාණය වී තිබෙනවා.ඇපල් සමාගම යනු අද වනවිට ඩොලර් ට්‍රිලියන 2වඩා වටින සමාගමක්.
මෙය ඉතා පරිසර හිතකාමී ලෙස සැකසීමට ඔවුන්ට උවමනා වී තිබුනා.මෙය තට්ටු 4ක් පමන උසය.මෙය අක්කර 50ක් පුරා වනාන්තරය ඇතුලින් පැතිර යන ගොඩනැගිල්ලකි.මෙහි වසරපුරාම හිරු එලිය ලැබුනද මෑතකසිට නියගවලට මුහුනදීමට සිදුවී තිබෙනවා.මෙය තුල එම නිසා නියගයට ඔරොත්තු දෙන ශාක වර්ග 9000ක් පමන රෝපනය කිරීමට ඔවුන් කට වගබලාගෙන තිබෙනවා.මෙහි ඇපල් ගස්ද ඇත.මෙහි වටප්‍රමාණය හරියටම සැතපුමක් පමන වෙනවා.මෙහි විශ්කම්බය අඩි 1512කි.මෙහි මැද ඇති වනාන්තරයේ කුඩා උද්‍යානයක්ද තිබෙනවා.spaceship වල දැවැන්ත ස්වබාවික පොකුනක්ද ඇත.මෙය තුල කුරුල්ලන්, ක්ෂීරපායින්, උබයජීවීන් වැනි සතුන් වර්ග රැසක් ජීවත්වෙනවා.මෙයතුල වැඩකරන සේවකයින්ට ගමන් කිරීමටතිබෙන සියලුම මාර්ග පොලොවයටින් නිර්මාණය කර ඇත.මෙහි මුලු වහලේම සූර්ය පැනල සවිකර ඇත.ලෝකයේ තනි ගොඩනැගිල්ලක් තුල තිබෙන වීශාලතම සූර්ය පැනල වහලයද මෙයයි.ගොඩනැගිල්ලේ විදුලි අවශ්‍යතාවයෙන් 75%ක්ම සූර්ය පැනල මගින් නිපදවනවා.
මෙහි බෝජනාගාර 7ක්, විශාල පර්යේෂණාගාර 2ක් හා ෆිට්නස් සෙන්ටර් එකක් තිබෙනවා.ටොන් 80ක් බර කාබන් ෆයිබර් වහලක් ඇති ස්ටීම් ජොබ් මහතාගේ නමින් හැදින්වෙන ශ්‍රවනාගාරයක්ද මෙහි ඇත.අඩි 42ක් උස ලෝකයේ විශාලතම විදුලි සොපානයද මෙහි ඇත.මෙය බූමි කම්පාවකට උවද ඔරොත්තුදිය හැක.මෙය ලෝකයේ අපූර්වතම රැකියා ස්තානයක් ලෙසද සැලකිය හැකිය.
𝚆𝚁𝙸𝚃𝙴 𝙱𝚈 𝙱𝚄𝙳𝙰𝚅𝙸 𝚆𝙰𝚃𝙷𝚂𝙰𝚁𝙰
𝚃𝙴𝙲𝙷 𝚆𝙾𝚁𝙻𝙳 𝚆𝚁𝙸𝚃𝙴 𝚃𝙴𝙰𝙼



Comments
Post a Comment